By unusuma.lk on
(LK time)අපරාධයක් සිදුකර පලායන සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැළැක්විය හැකි ක්ෂණික ළඟාවීමක්, අවි බලයක් සහිත විශේෂ පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම කාලෝචිත අවශ්‍යතාවයක් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මූලිකත්වයෙන් විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවර ගෙන ඇත.
මේ සඳහා තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15ක් ඇතුළත් අතර නිලධාරීන් 46ක පමණ ප්‍රමාණයක් අනුයුක්ත වේ.