මේ වනවිට පොලිස් නිලධාරීන් 208 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.
තවද, විවිධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසකගේ මේ වනවිට වැඩ තහනම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
නුසුදුසු හා දූෂිත නිලධාරීන් පොලීසිය තුළ සිටින බවත් ඔවුන් හඳුනාගෙන ඉවත් කිරීමට සහ ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
