පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි රියදුරු මරුට.!

අද (10) අලුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය විසින් සංඥා කර ඇති අතර එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර ඇත.

අනතුරුව මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සඳහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ගමන් කරමින් තිබූ කයිට්ස් ස්ථානාධිපතිගේ ජීප් රථයට මේ බව දැනුම් දී එම වෑන් රථය නවත්වා ගැනීම සඳහා උත්සාහ කළද එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට උත්සාහ කර ඇත.

එහෙත් එම අවස්ථාවේදීත් නොනවත්වා පලා ගිය වෑන් රථය නවතා ගැනීම සඳහා පොලිසිය වෑන් රථයට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් වෑන් රථයේ රියදුරු වෙඩි වැදී තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෑන් රථය පිටුපස ආසන ගළවා ඉවත් කර තිබී ඇති බවත් වෑන් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති බවත් ඔවුන්ව කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments