Advertisements

සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් ලිපිය ගැන නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්.!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (10) දින අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර ඇති අතර එම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මාර්තු මස (04) වනදා කැඳවන ලෙසද අධිකරණය නියම කළේය.

Advertisements
4 Comments
Most Voted
Newest Oldest