මේ රටේ ජනාධිපති පුටුවේ ජෝකර්ලා වාඩි කරන්නේ නෑ.!

මේ රටේ ජනාධිපති පුටුවේ ජෝකර්ලා වාඩි කරන්නේ නැති බවත් සමහරවිට අවුරුදු 80 වේදී පමණ නාමල් රාජපක්ෂට ජනාධිපති වෙන්න පුළුවන් බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද (24) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“විපක්ෂයේ වැඩි මන්ත්‍රීන් පිරිසක් යෝජනා ඉදිරිපත් කළේ. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. හැබැයි එක මන්ත්‍රීවරයෙක් හැර, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හැර.

ඉතිං කියන්න ඕන, පිලිපීනය නම් ඕගොල්ලෝ දන්නවා ෆර්ඩිනැන්ඩ මාකෝස් 1986දී පහ කරනවා. ඒකාධිපතිත්වයේ ඉදලා පහ කරලා දානවා. හැබැයි අවුරුදු ගානකට පස්සේ බොං බොං, ෆර්ඩිනැන්ඩ මාකෝස්ගේ පුතා දැන් පිලිපීනයේ ජනාධිපති වෙනවා 2022දී.

අවුරුදු 40කට පස්සේ. 80වේදී පුළුවන් වෙයි සමහරවිට නාමල්ට ජනාධිපති වෙන්න. හැබැයි, ලෝකයේ සමාජ සිද්ධීන් වෙනකොට දළ වශයෙන් පළවෙනි සිද්ධිය මිනිස්සු වැලදගන්නවා උත්කර්ෂයට අරගෙන. හැබැයි දෙවැනි සිද්ධිය ගන්නේ ජෝක් එකක් විදිහට.

ඒනිසා මම හිතන්නේ නෑ මේ රටේ කවදාවත් ජනාධිපති පුටුවේ බොං බොංලා වාඩි කරයි කියලා. ජෝකර්ලා වාඩි කරන්නේ නෑ. මොකද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දිගටම ගත්තෙ කරුණු කාරණා මේ පොත අරගෙන. මේක ඇවිල්ලා ප්‍රගති වාර්තාව 2025.09.30.”

Advertisements
Advertisements
13 Comments
Most Voted
Newest Oldest