තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (28) දින නියෝග කළේය.
එම පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර කළ අතර ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට කර තිබෙන නියෝග ක්‍රියාත්මක කරන්නැයිද අභියාචනාධිකරණය නියෝග කළේය.
මේ අතර ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 03 දෙනකුට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය මාර්තු (17) වැනිදා විවෘත වරෙන්තු නිකුත් කළ අතර විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.
එහිදී මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තිදෙනා දුටු තැන අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.