රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බවත් ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග මෙරටට ලැබීමට නියමිත බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
අද (17) දින පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,
“මාර්තු මාසේ ගෑස් අවශ්‍යතාවය තිබ්බේ 33,000යි. නමුත් අපි 38,000ක් ඇනවුම් කළා මාර්තු මාසයට. පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩාල කරලා තිබෙන නිසා. ඒ මෙට්‍රික් ටොන් 38,000ම ලැබිලා තිබෙනවා. තව අපි ගෑස් නැවක් ඇනවුම් කරලා තියෙනවා ඒක හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් අර්බුදයක් ඇති වෙන්නේ නෑ.”
