
58 වැනි වරට පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය මෙවරත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එළඹෙන අප්‍රේල් මස (03) සහ (04) යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
එළඹෙන අප්‍රේල් (03) වැනිදා සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ මංගල්‍යය පැවැත්වීම, ශබ්ද පූජා පැවැත්වීම, මල් පුජා පැවැත්වීම ආදී පුණ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.
අප්‍රේල් (04) වැනිදා උදෑසන හතට දිස්ත්‍රික් 25න් රැගෙන ආ සහල් රැගත් පෙරහැර අනුරාධපුර සිංහ කණුව අසලින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කරන මාර්ගයේ මඳ දුරක් ගිය තැන හමුවන ජය ශ්‍රී මහා බෝධි නව රථ ගාල අසලින් ආරම්භ කර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට ගමන් කිරීමට නියමිතය.
අනතුරුව එලෙස පෙරහරින් රැගෙන එනු ලබන අලුත් සහල් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අසල පිහිටුවා ඇති මහා සහල් පාත්‍රයට පිරවීම සිදු කරයි.