ජනපති පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ජාවක් කැඳවයි.!

පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (27) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා ඇත.

විපක්ෂයේ, ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් ආපදා තත්ත්වයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

තවද අද දහවල් වනවිට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ අංශවල අමාත්‍යවරු මහනුවරට සහ නුවරඑළිය ප්‍රදේශවලට යැවීමට නියමිත බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest