පොලීසියට අලුත් පරිවර්තනයක්.!

නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව රටේ පුරවැසියන් ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත් නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීමට ශ්‍රී ලංකා ‌පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙස ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

විශේෂ බලකා පුහුණු කඳවුරේ 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments