Advertisements

අනුරට ඉහළම ප්‍රසාදයක්.. නවතම සමීක්ෂණයෙන් සජිත්ට හිටපු තැනත් නෑ

මෑතකදී සිදුකළ නවතම සමීක්ෂණයට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය සහ ක්‍රියාකලාපය පිළිබඳව රටේ ජනතාවගෙන් 75.5%ක ඉහළ ප්‍රසාදයක් පවතින බව අනාවරණය වී ඇත.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මැයි (23) සිට ජූනි (18) දක්වා කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) සමාජ දර්ශක ඒකකය මගින් මෙම සමීක්ෂණය පවත්වා ඇත.

මෙම සමීක්ෂණයට අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතා ප්‍රසාදය පවතින්නේ 29.4%ක මට්ටමක වන අතර ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව 64.9%ක් අතෘප්තිය පළ කර ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ විශ්වාසය” මැයෙන් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි වැඩිම ප්‍රසාදයක් පළ කර ඇත්තේ වතු දෙමළ ප්‍රජාව 94.4%ක් සහ මුස්ලිම් ප්‍රජාව 93.4%ක් විසිනි.

ජනාධිපතිවරයා කෙරෙහි සිංහල ප්‍රජාව අතර පවතින ප්‍රසාදය 69.9%ක් වන අතර වයස අවුරුදු (18-29) අතර තරුණ ප්‍රජාවගෙන් 81.6%ක් ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳව සතුට පළ කර ඇති අතර ග්‍රාමීය ජනතාව අතර එම අගය 76.4%කි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා රජය ගන්නා උත්සාහය පිළිබඳව ජනතාවගෙන් 51.6%ක් සතුට පළ කරන අතර වැඩිම විශ්වාසයක් මුස්ලිම් 73.3%ක් සහ වතු දෙමළ 72.2%ක් ප්‍රජාවන් තුළ පවතින අතර සිංහල ප්‍රජාව අතර එම අගය 46.4%කි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට 64.1%ක බහුතරයක් එකඟතාව පළ කර ඇති අතර එය වහාම ආරම්භ කළ යුතු බව පවසන්නේ 23.6%ක් පමණි. ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව 68.6%ක් සතුට පළ කර ඇත.

තවද ජාතික ජන බලවේගය සතු කාර්යක්ෂම පාලනයක් ගෙන යාමේ හැකියාව පිළිබඳව 62.8%ක ජනතාවක් විශ්වාසය පළ කර ඇත.

Advertisements
Advertisements
6 Comments
Most Voted
Newest Oldest