ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) දින පැවැත්විණි.
කාලගුණික විපර්යාසයන්හි නවතම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
වර්තමානය වන විට මුහුණ දෙන උණුසුම් කාලගුණික තත්ත්වය සහ අධික වැසි තත්ත්වය පිළිබඳව සිදුකර ඇති පුරෝකථන දත්ත තව දුරටත් විශ්ලේෂණය කරමින් මෙමගින් ඇති විය හැකි සමාජ බලපෑම පිළිබඳව පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමගින් පානීය ජලය, විදුලිබලය, ආහාර අවශ්‍යතා ආදිය කළමනාකරණය සහ වන සතුන්ට සිදුවිය හැකි බලපෑම් නිර්ණය කිරීමට අදාළව තිරසර පිළියම් යෙදීම සඳහා දැනට සකස් කර ඇති සැළසුම් යාවත්කාලීන් කර ගැනීමට හැකි වන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
