LIVE
අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්‍ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.
මහාචාර්ය තිස්ස විතාරණගේ දේහය තැන්පත් කර තිබෙන ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය වෙත ඊයේ (15) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
