පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (02) පස්වරුවේ පැවැත්විණි.
ඉදිරි පුරෝකථනයන්ට අනුව මේ වසරේ ලැබිය හැකි වර්ෂාපතනය පිළිබඳවත්, එමෙන්ම දැනට ජලාශවල පවතින ජල ප්‍රමාණයන් පිළිබඳවත් මෙහිදී සංඛ්‍යා දත්ත මත පදනම්ව කරුණු සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය, පානීය ජල අවශ්‍යතා සැපිරීම මෙන්ම යල කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය මුදා හැරීම යන කරුණු මත පදනම්ව අවශ්‍ය ජල කළමනාකරණය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

