අද (14) දින නුවරඑළිය – තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ බස් දෙකක් ගැටී අනතුරක් සිදුව ඇත.
එම බස් අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 28 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා පැමිණි බන්ධනාගාර නිලධාරින් පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
