Advertisements

බන්ධනාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ට අමතර ලක්ෂ 20ක වන්දි මුදලක්.?

මීගමුව බන්ධනගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල්වලට තවත් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

මේ වනවිට ඔවුන්ගේ පවුල වලට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් තවත් වන්දි මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇත.

අදාළ නිලධාරීන්ගේ පවුල්වලට ලක්ෂ 20කට අධික මුදලක් ලබාදීම කෙරෙහි මේ වනවිට දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest