රැදවියන් නිවාසවල වැඩට යෙදවු බන්ධනාගාර ලොක්කන්.. සියල්ල හෙළිවෙයි.!

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් යොදවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාවේ සදහන් වේ.

මේ සදහා බන්ධනාගාර නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක් වැයකර ඇති බවත් මෙම කාලය තුළ බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ආශ්‍රිත පරිශ්‍රයන් වෙත සිරකරුවන් රැගෙන යාම අවස්ථා 62කදි බන්ධනාගාර මුලස්ථානයේ සංචිත වාහන 09ක් කිලෝමිටර් 372ක් ධාවනය කර තිබු බවද එම වාර්තාවේ සදහන් වේ.

අයවැය චක්‍රලේඛය මගින් අතිකාල වියදම් දැඩි ලෙස පාලනය කර තිබුනද පසුගිය 2023 වර්ෂයේ අතිකාල හා නිවාඩු දිමනා වශයෙන් රුපියල් මිලියන 982ක් වැයකර තිබුණු බවත් ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව අතිකාල හා නිවාඩු දිමනාව 2023 වර්ෂයේදි රුපියල් මිලියන 106කින් වැඩිවි ඇති බවද අනාවරණය වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.