ජනතාව වෙනුවෙන් නව දස මහල් වාට්ටු සංකීර්ණය

රුපියල් මිලියන 2,808ක වියදමින් ඉදිකරන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයට අයත් නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය (Professorial Ward Complex) අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජනතා අයිතියට පත් කළේය.

2020 පෙබරවාරි මාසයේ ආරම්භ කර, විටෙක නතර කර පසුව මන්දගාමීව ඉදිරියට ගිය මෙම ඉදිකිරීම සඳහා 2025 හා 2026 වසරවලදී රු. මිලියන 1800ක් වෙන්කිරීමට වර්තමාන රජය කටයුතු කළේය.

ඇඳන් 340ක ධාරිතාවකින් යුත් මෙම වාට්ටු සංකීර්ණය තුළ වෛද්‍ය, ශල්‍ය, මනෝචිකිත්සක සහ නාරිවේද වාට්ටු සඳහා පහසුකම් සලසා ඇති අතර, ඇඳන් 08කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්, නවීන ශල්‍යාගාර 03ක්, බාහිර රෝගී සායන කාමර 08ක් සහ සායනික විභාග ශාලාවක් ද ඇතුළත් වේ.

මේ හරහා ගාල්ල ජාතික රෝහලේ රෝගී සත්කාරක සේවා ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද හැකි වනු ඇත.

ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය, පරිත්‍යාගශීලීන් සහ විවිධ ආයතන ද දායකත්වය ලබාදී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel