පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන සමග මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත.
පැවති එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී සිදුකරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිසම සදහන් කර ඇත.
පළාත් සභා මැතිවරණය පැරණි පැවති ක්රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්රමය යන එක් ක්රමයට පැවැත්විය හැකි බව එම කොමිසම අග්රාමාත්යවරයාට පෙන්වා දුන් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යෙන්ම සංශෝධනයක් කළ යුතු බවත් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළින් බවත් තමන් අග්රාමාත්යවරයාට පෙන්වාදුන් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් එම ගැටලු සියල්ල නිරාකරණය වන බව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අග්රාමත්යවරයාට දැනුම් දුන් බවද එහි සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.