පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.
එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්ය විජිත හේරත්ගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
මෙහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී තාහිර් මරික්කාර්, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
