පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් පූජිතට සහ හේමසිරිට දින නියම වෙයි.!

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති නඩුව එළඹෙන ජනවාරි (26) දින යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන අය විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර නියෝග කර තිබුණේය.

අනතුරුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුව ඉවත දමමින් අදාළ නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව තීන්දුවක් ලබාදෙන ලෙසට නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කර තිබුණේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments