By unusuma.lk on
(LK time)පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගතහොත් නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් සදහන් කරයි.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ,
“කුඩා මට්ටමින් ආහාර සැකසුම් කරන ආයතනවල අපි දකිනවා මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව මදි කියලා. හොඳම දේ තමයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන කටයුතු කිරීම. ඒ ආහාර සැකසුම් ආයතන හරියට පවත්වාගෙන ගියේ නැත්නම් එය ආහාර පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.”