හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුණහැන්දිගේ අද (17) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
ඒ අනුව නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් එළැඹෙන (28) වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
සංවිධානාත්මක අපරාධකරු හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් මුදලින් රුපියල් කෝටි 50ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එම මුදල රුපියල් කෝටි 20 දක්වා අඩු කර ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 12ක් ලබා ගැනීම සම්බන්ධයෙන් එම සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත.

