රනිල්ගේ එංගලන්ත සවාරිය ගැන 50කගෙන් ප්‍රශ්න කරයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධව සිදු කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50ක පමණ පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් රාජාධානිය බලා පිටත්ව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

එක්සත් රාජාධානිය බලා පිටත්ව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වන අතර එම නිලධාරී කණ්ඩායම පැමිණීමෙන් අනතුරුව ප්‍රගතිය මැන බැලීම සඳහා වාර්තාවක් ගොනු කිරීමට නියමිත බවද වාර්තා වේ.

Advertisements
Advertisements
6 Comments
Most Voted
Newest Oldest