හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) දින කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත.
පසුගිය සැප්තැම්බර් (30) වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්රියාමාර්ග පිළිබඳ කරුණු විමසීම සඳහා නඩුව අද (11) දිනයේ යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ විමර්ශන ගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර අද දින නීතිපතිවරයාගේ ස්ථාවරය සහ නඩුව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්රියාමාර්ග පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
2023 වසරේදී රනිල් වික්රමසිංහ සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකර ඇත.
