එජාප – සජබ එකතු වුණත් දිනන්න බෑ.. රනිල්ගේ අලුත්ම සැලැස්ම

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමෙන් දේශපාලන ජයග්‍රහණයක් ලබාගත හැකි බවට අපේක්ෂා කළද, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේද තුළින් එවැනි ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

වර්තමාන පක්ෂ දේශපාලනය තුළ සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවත් දේශපාලන ජයග්‍රහණ කරා ගමන් කිරීමේදී නව පරපුරේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,

“නව ප්‍රතිරූපයකුයි, ඊට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න තිබෙනවා. දේශපාලනය දිහා බලනවානම් ලෝක දේශපාලනය වෙනස් වෙනවා. අපිට ඡන්දය දුන් අයගෙන් අනාගත ඡන්දදායකයින් මම බලන්නේ අද අවුරුදු 16-15 අයත් මේ ඡන්ද ලැයිස්තුවට ඇතුල් වෙනවා.

එහෙනම් ඒ අයගේ මිලේනියම්, Gen Z.ඔතන තියෙනවා මිලියන 8ක් විතර. අලුත් කණ්ඩායම් ඉන්නවා අපි මේ කණ්ඩායම් ගැන හිතන්න ඕනේ. අපි මේ කණ්ඩායම් ගැන හිතලා ඉදිරියට යන්න තියෙනවා. පක්ෂයක් හැටියට අපිට අලුත් ප්‍රතිරූපයක් වුවමනායි.

අපිට අවශ්‍යයි Gen Z කණ්ඩායමයි, මිලේනියම් කණ්ඩාමයි එකතු කරගෙන යන්න ඕනේ. මෙහෙම අලුත් කණ්ඩායම් ඇතිවෙලා තියෙනවා. මේවා පැත්තකට දාලා අපිට යන්න බෑ. සාම්ප්‍රදායිකව යන්න බෑ එහෙම කළොත් මේ කණ්ඩායම නැති වෙනවා.

මේ කණ්ඩායම එකතු වෙන්නෙ නැත්නම් සාම්ප්‍රදායික අයත් පැත්තට වෙලා ඉන්නවා මේගොල්ලෝ දිනන්නේ නෑ, දිනන්නේ චාන්ස් එකක් නෑ, වුවමනා නෑ කියලා. මම යෝජනා කළේ මේ අනුව පක්ෂයේ ප්‍රතිරූපය හදමු. සාම්ප්‍රදායික විදිහට ගිහින් මට නම් පෙනෙන්නේ නෑ.

සමහරු හිතනවා UNPය සජබය එකතු වුණොත් දිනනවා කියලා ඒක නෑ. ඒ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ දැන්. අලුත් ඡන්ද දායකයින් අරගන්නේ නැත්නම් අපි කාටවත් ඉදිරියට යන්න බෑ. මම කියන්නේ සම්ප්‍රදාය ඉවත් කරලා අපි අලුත් විදිහකට යමු.”

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel