රවී සහ අර්ජුන්ගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

දූෂණ චෝදනා නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සුඛෝපභෝගී මහල් නිවාසයක නිවාස ඒකකයක් ලබාදීම සහ එය භාරගැනීම සම්බන්ධයෙන් රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ට දූෂණ චෝදනා නඩුව පවරා ඇත.

අදාළ නඩුවේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

ඒ අනුව, විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ නිදහස් කිරීමේ ඉල්ලීමට කිසිදු පදනමක් නොමැති බව සඳහන් කර ඇත.

පසුගිය 2016 වසරේදී මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මොනාක් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස ඒකකයක පදිංචිව සිට ඇති බවට පැමිණිලි පාර්ශ්වය චෝදනා කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel