රයිස්, කොත්තු සහ කෙටි කෑම වල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව මෙම මිල ඉහළ දැමීම සිදු කරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව කෙටි කෑම වල මිල රුපියල් 5කින් සහ රයිස් හා කොත්තු මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.
