රුසියාවේ සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි සේපාල රත්නායක අමිල සම්පත් නොහොත් “රොටුඹ අමිල” නැමැත්තා මෙරටට රැගෙන විත් ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රුසියාවේදී අත්අඩංගුවට ගත් සැකකරු අද (20) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය.
අනතුරුව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරු ‘රොටුඹ අමිල’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇත.
මෙම සැකකරු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග සමීප සබඳතා පවත්වා ඇති අතර ක්ලබ් වසන්ත ඝාතනයටද සම්බන්ධවී ඇති අයෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇත.
