සයිබීරියානු කෙමෙරොවෝ කලාපයේදී රුසියානු ඇන්ටනොව් An-12 (Antonov An-12) වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ඇත.
පියාසර කරමින් තිබු යානය හදිසියේම අහසේදී ගිනිගැනීමට ලක්වී කඩා වැටී ඇති අතර එම අනතුරෙන් යානයේ සිටි පුද්ගලයින් 19 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.
අදාළ ප්‍රාන්ත අගනුවරට දකුණින් පිහිටි යගුනෝවෝ ගම්මානය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර නියමිත ගුවන් ගමන අතරතුර තාක්ෂණික දෝෂයක් පෙන්නුම් කරන බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
