By unusuma.lk on
(LK time)ඊයේ (1) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසූවේ තම පක්ෂයට සහය පල කරන පක්ෂ සහ කණ්ඩායම් එක්ව ඉදිරි දින කිහිපය තුළ කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ධූරයට පුද්ගලයකු නම් කරන බවයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ ඔවුන්ට සහය දෙන මන්ත්‍රීවරු එකතු කර පොදු එකඟතාවයකින් සුදුසු පුද්ගලයෙකු නම් කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නලින් බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ කොට්ඨාසයද පරාද වුණු නගරාධිපති අපේක්ෂකයෙකු නගරාධිපති ධුරයට සුදුසු නොවන බවයි.
සමගි ජන බලවේගයේ නගරධිපති අපේක්ෂක සමගි ජන බලවේගයේ (SJB) කොළඹ නගරාධිපති ධූර අපේක්ෂක වෛද්‍ය රුවයිස් හනිෆා මැතිවරණයට ඉදිරිපත්වූ බොරැල්ල දකුණ කොට්ඨාසය ද පරාජය විය.