අනුරාධපුර සත්යග්රහයක් අතරතුර ඇති වූ ගැටුම්කාරී සිද්ධියට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේදී පැය 3කට අධික කාලයක් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
කෙසේ වෙතත් රාජාංගනයේ සද්ධාරතන නැමැත්තා මේ මස (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
