යහපාලන ආණ්ඩු සමයේ ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්වු නිවාස ඉදිකිරීමට වෙන්කළ මුදලින් රුපියල් මිලියන 700ක් පමණ වියදම් කර ඇත්තේ පෝස්ටර් ඇතුළු ප්රචාරක කටයුතු සඳහා බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කරයි.
එලෙස මුදල් වෙන් කළද බලපෑමට ලක්වු නිවාස ඉදිකර නොමැති බවද නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කළේ,
“සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ. 2015 – 2019 කාල පරිච්ඡේදය ඇතුලේ ගංවතුරක් ආව. මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි පට්ට බොරු කිය කිය ඉන්නේ දැන්. අන්න ඒ ගංවතුර වෙලාවේ මහදැනමුත්තා තමයි නිවාස ඇමති විදිහට හිටියේ.
ගංවතුර නිවාස 4,996ක් හදුනාගෙන තියෙනවා. ඒවා ගොඩනැගීම වෙනුවෙන් මිලියන 3,471ක් වෙන් කරලා තියෙනවා. ඒකෙන් පෝස්ටර් ගහන්න මිලියන 700ක් විතර ප්‍රචාරණ සඳහා වියදම් කරලා තියෙනවා. හදපු ගෙවල් ප්‍රමාණය බින්දුවයි.
ගෙවල් 4,996 හැදුවේ නෑ. අපි මෙතෙක් කල් ලක්ෂ 10යි දුන්නේ ගෙයක් හදාගන්න. මේගමන ජනාධිපතිතුමා ලක්ෂ 15 ගානේ දෙනවා එක ගෙයක් හදන්න. 10,000ක් ගෙවල් හදනවා ලබන අවුරුද්ද ඇතුලත. ලක්ෂ 20 ගානේ දෙනවා උතුරු නැගෙනහිර යළි පදිංචි කිරීමේ ගෙවල් හදන්න.”
