යළිත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට සුදානම්.!

රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම් පිළිබඳව රජයේ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා එළඹෙන 2025 වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බවද සදහන් කරයි.

ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළේ,

” මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවට එළැඹ තිබෙනවා. ගුරුවරුන්ගේ මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේ ද වැටුප් වැඩි කිරීම් පිළිබඳ රජයේ අවධානය යොමු කර තිබෙනවා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close