By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා පිළිබඳ මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් කිරීමට එම පක්ෂය කටයුතු කර නොමැත.
එවන් පසුභිමක එම පක්ෂයේ පා.ම නලීන් බණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය වෙත පවසා තිබුනේ කොට්ඨාසයද පරාද වුණු නගරාධිපති අපේක්ෂකයෙකු නගරාධිපති ධුරයට සුදුසු නොවන බවයි.
ඒ අනුව මෙතෙක් එම පක්ෂයේ කොළඹ නගරධිපති අපේක්ෂක ලෙස බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි වෛද්‍ය රුවයිස් හනිෆා මහතාට එම අවස්ථාව නොලැබෙනු ඇති බව පැහැදිලි විය.
කෙසේවෙතත් එම පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ රීසා සරූක් මහතා ඒ සඳහා යෝජනා වී ඇති බවයි.
ඒ අනුව සමගි ජන බලවේගය විසින් හෙට (03) දිනයේ දී රීසා සරූක්ගේ නම ප්‍රසිද්ධ කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
වසර ගණනාවක කොළඹ මහ නගර සභාවේ අත්දැකීම් ඇති මන්ත්‍රීවරයෙක් වන ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාසය ද ජයග්‍රහණය කර තිබේ..