රනිල්ගේ ලේකම් සමන් හැංගිමුත්තන් සෙල්ලම් කරයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ සැකකරුවකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇත.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කළද, ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

සැකකාර සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට ගියද, ඒ වනවිටත් ඔහු නිවසින් පිටව ගොස් වෙනත් ස්ථානයක සැඟවී සිටින අතර ඔහු දුරකථනය ද විසන්ධි කර ඇත.

කෙසේ වෙතත් සැකකාර සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest