මුදල් වංචාවකට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 10ක ශරීර ඇප 2ක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ජයලත් බණ්ඩාර දිසානායක මුදාහැරීමට නියම කළේය.
තවද ජයලත් බණ්ඩාර දිසානායකට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධව ජයලත් බණ්ඩාර දිසානායක අද අත්අඩංගුවට ගත්තේය.
