පළමු වසරට දරුවන් ඇතුළත් කිරීම අඩු වෙලා

පළමු වසර සඳහා දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇති බවට පර්යේෂණයකින් හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

වාර්ෂික දරු උපත් අනුපාතය පහත වැටීම පළමු වසර සඳහා දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම අඩු වීමට ප්‍රධාන හේතුවක් බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

ප්‍රාථමික පාසල් 309ක් අලුතින් පිහිටුවන බවත් එම ප්‍රාථමික පාසල් වෙනුවෙන් අනාගත ලෝකයට ගැලපෙන ආකාරයේ වැසිකිලි පද්ධති හදුන්වා දෙන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel