හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා පමණක් එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.
සඳුදා දින ලබාදෙන මෙම විශේෂ නිවාඩුව ආවරණය කිරීම සඳහා මෙම මස (14) වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වන ලෙසද දැනුම් දී ඇත.
