පාසල් සිසුන්ට නිල ඇඳුමට අමතරව, අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
පවතින ඩෙංගු අවධානම් තත්ත්වය සළකා බලා, මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා එම තීරණය පිළිබඳව සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව එහි ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.
අත් පා ආවරණය වන පරිදි වෙනත් සුදුසු ඇඳුමක් භාවිත කිරීමට අවසර දීමෙන් පාසල් සිසුන් අතර රෝගය පැතිරීම අවම කිරීමට අපේක්ෂා කරන බව, ලේකම්වරයා සඳහන් කරයි.
මේ අතර රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්වල ක්‍රියාත්මක මදුරු මුලාශ්‍ර විනාශ කිරීමේ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන්, ඉදිරියටත් මව්පියන්ගේ සහ ආදි සිසුන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.
