පාසල් ක්‍රීඩකයින් 1,900කට පමණ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.
ඉදිරියේදී විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වා විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයින්ට පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.
මේ වනවිටත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට එවැනි විදේශීය පුහුණුවීම් ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක් වූවත් ප්‍රකාශයට පත් කළ මූල්‍ය ත්‍යාගය එලෙසම ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එවැනි ජයග්‍රහණයක් ලබාගතහොත් ත්‍යාග මුදල ලබාදීමට හැකි වන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
