ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ අතහැර දමා තිබූ, රුපියල් මිලියන 62ක වටිනාකමකින් යුත් කටුගස්තොට භූගත පදික මාරුව (Underpass) අද (29) දින ජනතා භාවිතය සඳහා විවෘත කෙරිණි.
ශ්රී චන්දානන්ද බෞද්ධ විද්යාලයේ සහ සාන්ත අන්තෝනි බාලිකා විද්යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 5,000කට පමණ ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීමේ පහසුකම් සැලසේ.
එමෙන්ම ප්රදේශයේ ජනතාවට ද සිය දෛනික ගමනාගමන කටයුතු වඩාත් ආරක්ෂිතව සිදුකර ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවේ.
එමෙන්ම මෙම ස්ථානය ආශ්රිතව පාසල් ආරම්භ වන සහ අවසන් වන වේලාවන්හිදී ඇතිවන වාහන තදබදයට තරමක හෝ සහනයක් ලැබෙනු ඇත.
