අයවැය මගින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට විරෝධය පළ කරමින් එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
2027 නව අයවැය මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ සේවකයින්ගේ ගැටලු නොසලකා හැර ඇති බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරයි.
ඒ අනුව, නොවැම්බර් මස (30) වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවත් මේ සඳහා දිවයින පුරා ගුරුවරුන් 250,000කට ආසන්න පිරිසක් සහ පාසල් 10,110ක ගුරු – විදුහල්පතිවරුන් එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ජෝසප් ස්ටාලින් සඳහන් කරයි.
