පාසල් පැවැත්වෙන වේලාවන් වෙනස් වෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම නව චක්‍රලේඛයේ උපදෙස් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, අධ්‍යාපන ලේකම්වරුන්ට, අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම් දෙමින් නිකුත් කර ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, නව විෂයමාලා ප්‍රතිසංස්කරණ මේ වසර ආරම්භයේදී 01 ශ්‍රේණීය සඳහා ක්‍රියාත්මක වීම ආරම්භ කළ අතර එහි දිගුවක් ලෙස, 2027 වසරේ 02 ශ්‍රේණිය සහ 06 ශ්‍රේණිය සඳහා නව විෂයමාලා ප්‍රතිංස්කරණ හඳුන්වා දීමට නියමිතය.

එතැන් සිට එම පාසල් දරුවන් ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉහළට යන්නේ නව විෂයමාලා ප්‍රතිංස්කරණ සමගින් වන අතර නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 05 ශ්‍රේණිය සඳහා ඇතුළත් වන්නේ, මේ වනවිට 01 ශ්‍රේණියේ සිටින දරුවන් 05 ශ්‍රේණියට යන වසර වන විටයි.

සාමාන්‍ය පෙළට නව විෂය මාලා ප්‍රතිසංස්කරණය ඇතුළත් වෙන්නේ 2030 වසරේදී වන අතර උසස් පෙළට නව විෂයමාලා ප්‍රතිසංස්කරණය 2033 වසරේදී ක්‍රියාත්මක වනු ඇත.

ලබන 2027 වසරේ සිට 01 සහ 02 ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට දහවල් 11.45 දක්වා සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

03 සහ 04 ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට දහවල් 1.00 දක්වා සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

05 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වායි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel