Advertisements

ආසන පටි නීතිය කඩ කරන රියැදුරන් වැටලීම අරඹයි.!

අධිවේගී මාර්ග වල ආසන පටි නොපැළඳ රථවාහන පදවන හා රථවාහන වල ගමන් ගන්නා සියලු දෙනාට එරෙහිව දඩ පැනවීම ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.

එවැනි රියැදුරන් 18 දෙනෙකුට එරෙහිව ඊයේ (27) දිනයේ දඩ පැනවූ බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී.ජේ සේනාධීර සඳහන් කරයි.

මින් ඉදිරියට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී.ජේ සේනාධීර සඳහන් කරයි.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest