ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ප්රධානියාගේ ලේකම්වරයා මෙන්ම බෑනා වන අලි යූසුෆ් හර්ෂි ඝාතනය කළ බව ඊශ්රායල ආරක්ෂක බලකාය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල වූ ඊශ්රායල ප්රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්රධානියාගේ ලේකම්වරයා මියගොස් ඇති බව එම පුවත් සේවය සඳහන් කරයි.
කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානයේ ප්රධානියාගේ ලේකම්වරයාගේ මරණය ගැන එම සංවිධානය තවමත් තහවුරු කර නොමැත.

