නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (17) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ඒ අනුව,

  1. කොරියානු ජනරජයේ නව තානාපති ලෙස Kim Youn-Jung
  2. ස්විට්සර්ලන්තයේ නව තානාපති ලෙස Daniel Hunn
  3. යුරෝපා සංගමයේ නව තානාපති ලෙස Sylvia Hartleif
  4. ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපති ලෙස Ahmed El-Sayed Abdel Halim Amer Helal
  5. ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපති ලෙස Vithaya Xayavong
  6. නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Wing Commander (Rtd) Alex L.Tukuhupwele
  7. සිංගප්පූරු ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Patrick Daniel

මෙසේ අද දින ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel