අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දින තහවුරු කළේය
සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශ කළේය.
විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශව වහාම රිමාන්ඩ් භාරයට පත්කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
