හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර ඇත.
එහෙත් පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව දැනුම්දී ඇත.
කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් මත අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමණීමට නොහැකි බවත් ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ ඉල්ලීමක් සිදුකර ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත.

