හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ලබන (03) වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ.
සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂ කැඳවා ඇති බව වාර්තා වේ.
මේ අතර සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350ක් වැය කර ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඇති බවට විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි සංවිධානය මේ වනවිට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.

